එක්නැලිගොඩ අතුරුදන්ව වසර 12යි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඔහුගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ දෙවියන් ඉදිරියේ හිස මුඩු කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්ව අදට(25) 12 වසරක් සපිරෙයි.
අද පෙරවරු 10.30ට මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පවත්වමින් මේ ඉල්ලීම ඇය විසින් කළාය.
වසර 2010 ජනවාරි 24 වනදා රාත්‍රියේ කොළඹට ආසන්න ප්‍රදේශයකදී එක්නැලිගොඩව පැහැරගැනීමකට ලක්වූ අතර මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අනාවරණය කර, අධිකරණමය ක්‍රියාවලියක් හරහා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙමින් යුක්තිය ඉටුකිරීමක් සිදුව නොමැත.
(Aruna)