Saturday, July 05, 2025
Follow Us
වායු සමීකරණ, විදුලි පංකා නිවා දමන්න

ජනතාව කරන්න ඕන දෙයක් ගැන දැනුම්දෙයි


විදුලි බලාගාර වල තත්වය පරීක්ෂාවෙන් අනතුරුව රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද(25) ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

විදුලි බලාගාර දිගු කාලයක සිට ඉදි නොවීමෙන් විදුලි අර්බුදයක් උද්ගතව ඇති බව පවසයි. 2016 වසරේ සිට එවැනි තත්වයක් ඇති වන බව තම කොමිසම ද අනතුරු ඇඟවූ බව ඔහු පවසයි.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව අනවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා ආදිය නිවා දමා හැකි තරම් විදුලිය ඉතුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ඔහු පවසයි.

(Aruna)