Tuesday, February 24, 2026
Follow Us
ඔමික්‍රෝන් ආසාදිතයන්ට උණ නැහැ

ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ මෙන්න


ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන්ට උණ රෝග ලක්ෂණය පෙන්නුම් නොකරන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ ශර්මිලා ද සිල්වා පැවසුවාය.

ඊයේ (24 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

ඔමික්‍රෝන් අාසාදිතයන්ට උගුර ආසාදනය වීම කැස්ස සහ තද හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගෙන ඇති බව ඇය සඳහන් කළාය.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව සෛල විද්‍යා ඒකකය සිදුකර ඇති ජාන විශ්ලේෂණ පරීක්ෂණවලින් සියයට 95කටම ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් වයිරසය බවට තහවුරු වී ඇති බව වෛද්‍යවරු පවසති.

(Aruna)