Saturday, July 05, 2025
Follow Us
වෙළෙඳපොළේ ඉටි පන්දම් මිල ඉහළට

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි


ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නගර කිහිපයක වෙළෙඳුන් අරුණ වෙබ් අඩවිටයට පවසනවා.

විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බව යි වාර්තා වෙන්නේ.

කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු 7.50වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු 37.50කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබයි.

ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටිනවා.

ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නො කරන නිසා වෙළෙඳපොළේ ඉටි පන්දම් හිඟයක් පවතින බව යි වෙළෙඳුන් කියා සිටින්නේ.

(Aruna)