Tuesday, February 24, 2026
Follow Us
නිසරුභාවයට ෆයිසර් එන්නතේ බලපෑමක් නැහැ

ෆයිසර් ගැන නවතම අනාවරණය

නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සඳහා ෆයිසර් එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පැවසුවා.

එන්නත් ලබා ගැනීම සඳහා තරුණ ප්‍රජාව දැඩි මැලිකමක් දක්වන බව ඇය කියා සිටියා.

(24) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව පැවසීය.

“අපිට ලෙඩ්ඩු එනවා සමහර වෙලාවට කොන්දේ කැක්කුමක්, අතේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, දවස් දෙක තුනක් තිස්සේ තියෙන රෝගී තත්ත්වයක් නිසා .ඒගොල්ලෝ හිතනවා මාසෙකට කළින් ගහපු එන්නත නිසා කියලා. ඒ කියන්නේ එන්නතෙන් පස්සේ ඇතිවෙන සෑම රෝගී තත්ත්වයක්ම හිතනවා අර එන්නත නිසා ඇතිවෙලා තියෙන්නේ කියලා. මේක මිනිස්සු අතර තියෙන මිත්‍යා මතයක්. තරුණ පරම්පරාව මේ එන්නත ගන්නවා හොඳටම මදි. නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය, ඔසප් චක්‍රයේ ප්‍රශ්න ඇතිවීම ෆයිසර් එන්නත නිසා ඇති වෙන ප්‍රශ්න නෙමේ.”

(Aruna)