Sunday, April 12, 2026
Follow Us
කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට සහ පොලීසියට යළි චෝදනා

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පළ කර තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී කාදිනල් හිමියන් පවසා ඇත්තේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළ චෝදනා වෙනත් පාර්ශ්වයන් පිට පටවා ඉන් ලිස්සා යාමට ආණ්ඩුවට හා පොලීසියට ඉඩ නොතබන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගේ නිවසේ තිබී අවි ආයුධ ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

(Neth)