Saturday, July 05, 2025
Follow Us
සිමෙන්ති අලෙවිකරුවන්ට දැඩි කොන්දේසි

දිවයින පුරා වැටලීම් අරඹයි

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක් වැටලූ බවට වාර්තා වනවා.

ඊට අමතරව සිමෙන්ති විකිණීම ප්‍රතික්ෂ කිරීම, තම සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට ද පාරිභෝගික අධිකාරි පනතෙහි සටහන්ව තිබෙනවා.

තම සන්තකයේ නොමැති බව කීම හා තොග සඟවා තබාගැනීම යන වැරදි කරනු ලබන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග තහනමට ගැනීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල ඇතැයි එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව නීතිය උල්ලංඝනය කරමින් කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත ප්‍රකාරව කටයුතු කරන බව ද ඔවුන් වෙළෙඳුන්ට දැනුම් දෙනවා.

(Aruna)