Tuesday, February 24, 2026
Follow Us
ආයුර්වේද වෛද්‍යවරු කොවිඩ් රාජකාරි අත්හරිති

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සන්ධානය ගත් තීරණය


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන සතියේ සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත් වීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සන්ධානය තීරණය කර ඇත.

කොවිඩ් රාජකාරි සිදු කරන පිරිසට ලබාදෙන අමතර දීමනාව ලබාදීම, දීපව්‍යාප්ත සේවාවක් වූ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ තනතුරු පත් කිරීම, පළාත් සභා වෙත පැවරීම වහා හකුළා ගැනීම එම ඉල්ලීම් අතර වේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දිගින් දිගටම දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස කොවිඩ් රාජකාරිවලින් ඉවත් වන බව එම සන්ධානයේ ලේකම් චමල් ආර්. කුලතිලක පැවසීය.

ඒ අනුව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් සිදු කරන ජනතාවගේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළින් සහ නිවෙස් නිරෝධායන මෙන්ම නිවෙස් ගත ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කටයුතුවලින් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් මෙලෙස ඉවත් වන බව ද හෙතෙම කීවේය.

(Aruna)