Tuesday, February 24, 2026
Follow Us
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

උදෑසන කාලයේදී සිදුවන වෙනස


දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, උදෑසන කාලයේදී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.

හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින අතර, මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ හෝ නිරිත දෙසින් හමනවා.

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ අගයක් ගත හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව ද කාලගුණ නිවේදනයේ වැඩිදු‍රටත් සඳහන්.

(Aruna)