Saturday, July 05, 2025
Follow Us
බොන්න වතුරත් නැතිවෙන ලකුණු

විදුලි අර්බුදය අස්සේ තවත් අවදානමක්


ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා පවසයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන අතර එය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බව ඔහු පවසයි.

අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්න ලෙස ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

(Aruna)