තල්දූව ඉවත්කරන්න තීන්දුවක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන යලිත් පොලිස් මාධ්‍යප්‍රකාශක ලෙස පත් කර ඇතැයි මේවන විට රාවයක් පැතිර යනවා. නමුත් මේ පිලිබද අරුණ වෙබ් අඩවිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එවැනි තීරණයක් ජනාධිපතිවරයා හෝ පොලිසිය භාර අමාත්‍යවරයා ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නිහාල් තල්දූව එම තනතුරට නොගැලපෙන බවට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වනවා. ආරංචි මාර්ග සදහන් කරන පරිදි සති අන්ත ජාතික පුවත්පතකට ජනාධිපතිවරයාට අපහාස කරන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඔහු දැක් වූ අදහස් හා විවිධ අවස්තාවලදී ඔහු දැක්වූ අදහස්වල ඇති නොසැලකිලිමත් භාවය මීට හේතු වී ඇත.
අජිත් රෝහන මහතා මීට ප්‍රථම අවස්ථා ගණනාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය හොබවා අත්දැකීම් බහුලව ඇතත් මේ වනවිට ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැවින් යලිත් ඔුහු පොලිස් මධ්‍ය ප්‍රකාශක ධුරයට පත් නොකරන බව වාර්තා වෙනවා.
අජිත් රෝහන වෙනුවට ඔහු වැනි දකෂතා ඇති වෙනත් අලුත් මූනක් පොලිස් මාධ්‍යප්‍රකාශක ලෙස පත් කිරීමට මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව පෙර කී පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ග අරුණ වෙබ්අඩවියට වැඩිදුරටත් පැවැසුවා.
(Aruna)