Tuesday, February 24, 2026
Follow Us
මට රෑට කෝල් ගන්න එපා කියපු නිසා තාත්තාව ගහලා මැරුවා

කදුරුගස්යාය එළිමහන් සිර කඳවුරේ නිලධාරීන්ගේ පැටිකිරිය මෙන්න


ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ යැයි පැවැසෙන මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ අරුණ වෙබ් අඩවියට වාර්තා වනවා.

මෙම සිර කඳවුරේ රඳවා සිටි මාතර පදිංචි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති වයස අවුරුදු 49 හැවිරිදි සිරකරුවාව බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇති බවට ඔහු ගේ වැඩිමහල් දියණිය විසින් චෝදනා කරනවා.

කඳුරුගස් ආර එළිමහන් බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකරනවා යැයි කියෙන අක්‍රමිකතා රැසක් ද ඇය සාක්ෂි සහිතව අරුණට හෙළි කර අතර ඇයගේ පියා ඝාතනය කර අත්තේ එම සාක්ෂි උසස් නිලධාරියෙකුට හෙළි කළ නිසා යැයි ඇය අරුණට සඳහන් කරනවා.

බන්ධනාගාර නිලධාරින් විසින් මෙම රැඳවීගේ දියණියට අයුතු යෝජනවක් කල බවද ඇයගේ පියා ඊට එරෙහි වූ නිසා ඔහු ඝාතනය කිරීමේ ආසාන්නතම හේතුව සකස් වී ඇති බවද ඇය කියා සිටියා.

(Aruna)