Tuesday, February 24, 2026
Follow Us
සිංහ පුතුන්ට විශිෂ්ට ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම අසරණ වෙයි


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් (21) සමත් විය.

ඒ අනුව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

තීරණාත්මක අවසන් එක්දින තරගය ජයග්‍රහණය කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 255ක ඉලක්කයක් හිමිවී තිබුණි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 04කට මුහුණදෙමින් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70ක් පමණි.

(Aruna)