Saturday, July 05, 2025
Follow Us
හිමිදිරි උදෑසනේ නුවරඑළියට මල්තුහින

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන කාලයේදී අපේක්ෂා කළ හැකි හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකයි.

(Aruna)