Tuesday, February 24, 2026
Follow Us
මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමෙන් ඉවත් කර එහි සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත්කළ අතර මෙම පත් කිරීම සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මිල්කෝ සභාපතිවරයා ඉවත් කිරීමට එරෙහිව මිල්කෝ සේවකයන්ගෙන්ද එල්ල වූයේ දැඩි විරෝධයකි. කඩාවැටී තිබූ මිල්කෝ සමාගම ඉහළට ගෙනඒ්මට ලසන්ත වික්‍රමසිංහ සමත් වූ බව එම සේවකයන් ප්‍රකාශ කර තිබිණි.

(LNW)