Tuesday, February 24, 2026
Follow Us
​පෞද්ගලික අංශයට 5000 දෙන්න

නිදහස් පොදු සේවක සංගමයේ විරෝධතාව අද


රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ විශ්‍රාමික පිරිස් වෙත් රජය විසින් ලබාදීමට තීරණය කළ 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදෙන ලෙස මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිල ගණන් සියයට 50කින් අඩු කරන ලෙස ඉල්ලමින් අද (21 වැනිදා) දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සඳහන් කරයි.

කම්කරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ට මෙම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීම් කළ නමුත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම හේතුවෙන් ජාතික කම්කරු උපදේශන සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 12ක් එක්ව මෙලෙස විරෝධතා දැක්වීමට තීරණය කර ඇත.

(Aruna)