Saturday, July 05, 2025
Follow Us
තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අදයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය එකට එකක් ලෙස මේ වන විට සම තත්ත්වයේ පසුවනවා.

පළමු එක්දින තරඟය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දෙවැනි එක්දින තරඟය ලකුණු 22 කින් ජයගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තුන්වන එක්දින තරගය අද පස්වරු 02 යි 30 ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලෙජන්ස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයෙන් ඉන්දියා මහරාජ් කණ්ඩායම කඩුලු 06 ක ජයක් වාර්තා කළා.

ඒ, ඒෂියා ලයන්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඒෂියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 07 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. එහිදී උපුල් තරංග පන්දු 46 කදී ලකුණු 66 ක් රැස්කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 04 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පන්දු 40කදී ලකුණු 80 ක් රැස් කළ යූසුෆ් පතාන් තරගයේ වීරයායි.

(Neth)