Tuesday, February 24, 2026
Follow Us
ICU සහ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ක්‍රමිකව වැඩිවෙයි

දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුලු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ ඇඳන් 14,599 න් ඇඳන් 4,790 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබනවා. මේ දක්වා දැඩි සත්කාර ඒකකවල ඇඳන් 61 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දැඩිසත්කාර ඒකකවල තදබදය සහ ඔක්සිජන භාවිතය ඉහළයාම අවම කරගත හැක්කේ එන්නත්කරණයෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 827 දෙනෙකු වාර්තා වුණා.

(Neth)