Saturday, July 05, 2025
Follow Us
කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීම ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් 829ක් වාර්තා වෙයි


මෙරටින් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීම මේවන විට ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමක් දැකිය හැක්කේ ගතවූ දීර්ඝ සති අන්ත නිවාඩුවෙන් පසුවයි.

පසුගිය ඔක්තෝබර් 01 දාසිට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000ට වඩා පහළ ගිය අතර දින කිහිපයක් හැර සෙසු දිනවලදී එම අගය පැවතියේ 800ට අඩුවෙන්.

මේවන විට කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් වාර්තා වීමේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ගෙවුණු දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 829ක් වාර්තා වුණා.

අද දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 827ක්.

ඊයේ දිනයට අදාළ කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15255ක් ලෙසයි.

(Aruna)