Saturday, July 05, 2025
Follow Us
ලෝක ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම් කෙරේ

කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන්ට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

එමෙන්ම එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද දිමුත් නම් කර ඇත.

2021 ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ ලෝක ටෙස්ට් කණ්ඩායම පහතින්….
දිමුත් කරුණාරත්න
රෝහත් ෂර්මා
මනාස් ලබුෂේන්
ජෝ රූට්
කේන් විලියම්සන් (නායක)
ෆාවඩ් අලාම්
රිෂාබ් පාන්ට් (කඩුළු රකින්නා)
ආර්. අශ්වින්
කේල් ජැම්සන්
හසන් අලී
ශාභීන් අෆ්රිඩී

(Aruna)