නවතම පරීක්ෂණයකින් හෙළි වූ දේ
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට ඉන් පසුව වයස් භේදයකින් තොරව දියවැඩියාව හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බව නවතම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිතයන් 829ක් ඊයේ (19) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 98,536ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඉක්මවා ගියේ කලකට පසුව වීම විශේෂත්වයක්.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළ ගියේ ඊයේ (19) වාර්තා වූ කොරෝනා මරණ 12 ත් සමගයි.
මෙවන් පසුබිමක ඔමික්‍රෝන් ප්‍රභේදය සමග රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව වෙසෙන බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.
සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සියලු පුරවැසියන් අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියා.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක කියා සිටියේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට පසු කාලයේ දියවැඩියාව ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වූ සෑම පුද්ගලයෙකුම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
(Aruna)