Saturday, July 05, 2025
Follow Us
බාස්ලට වැඩ පටන් ගන්න පුළුවන්

හිඟය අවසන් – සිමෙන්ති ආනයන හා දේශීය නිෂ්පාදකයින්

සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඊයේ (19) සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බව ඔවුන් සඳහන් කළා.

ඉන්දුනීසියාවේ සිට එක් නෞකාවක් පැමිණ ඇති අතර, එහි සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් පවතිනවා.

එමෙන්ම, පාකිස්තානයේ සිට සිමෙන්ති කොට්ට ලක්ෂ 04 ක් රැගත් තවත් නෞකාවක් පැමිණ තිබෙනවා.

මේ වනවිට එම සිමෙන්ති නිදහස් කරගෙන ඇති බවත්, ඒවා කඩිනමින් වෙළඳපොල වෙත නිකුත් කරන බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පැවසුවා.

මේ වනවිට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස සටහන් වූව ද, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1500කට ආසන්න මුදලකටයි.

ඇතැම් අලෙවිකරුවන් වැලි හෝ ගල් මිල දී ගැනීමේදී පමණක් සිමෙන්ති අලෙවි කරනවා.

(Aruna)