Tuesday, February 24, 2026
Follow Us
සුන්දර අධිවේගයේ පොදු මගී ප්‍රවාහනය අද සිට ඇරඹෙයි

බස් ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ පොදු මගී ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා.

ඒ අනුව කොළඹ සිට කුරුණෑගල දක්වාත් කොළඹ සිට නුවර දක්වාත් අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථ ධාවනය කෙරෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ කොළඹ සිට කුරුණෑගල සඳහා වන බස් ගාස්තුව රුපියල් 390ක් බවයි.

කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500ක් වනු ඇති.

(Aruna)