Saturday, July 05, 2025
Follow Us
බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට ගෑවුණු වෛද්‍යවරයාගේ නිවසින් අවිආයුධ හමුවෙයි - පුත්‍රයා විපක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ අයෙක් බවත් හෙළවේ

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා පිළිබඳ මේවනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී අවි ආයුද කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. පිස්තෝල 04 ක්, රිවෝල්වරයක්, කඩු 02 ක්, රම්බෝ පිහියක් සහ හඳුනා නොගත් ගිනි අවියක් ද එහි තිබී සොයා ගත් බව නෙත් නිවුස් වාර්තාකරු බිමල් ශ්‍යාමන් ජයසිංහ පැවසුවා.

මෙම වෛද්‍යවරයාගේ පුත්‍රයා ඉකුත් මහ මැතිවරණයේදී විපක්ෂයේ පක්ෂයකින් තරග වැදුනු අපේක්ෂකයෙකු බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.


(Neth)