Tuesday, February 24, 2026
Follow Us
පාරිභෝගිකයින්ට ගෑස් ලබාදෙන්න අලුත් ක්‍රමයක්

දින තුනකට පසු හැටන් නගරයට ලිට්‍රෝ ගැස් බෙදා හරියි


ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට අද (19) දින සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හැර තිබේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවයි අලෙවි නියෝජිතයන් පැවසුවේ.
ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගෑස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගෑස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගෑස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බවයි හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සදහන් කරයි.

(Aruna)