Tuesday, February 24, 2026
Follow Us
රත්මලානේ අභිසාරිකාවන්ට වැඩ වරදී

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්

ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර – රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වැටළීමකින් සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් හසු වී තිබෙනවා.

එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කළ හා ගණිකා වෘත්තියේ යෙදී සිටි අදහසින් එහි රැඳි සිටි කාන්තාවක් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 34ත් 51ත් අතර වයස්වල පසුවෙන කොට්ටාව, පොළොන්නරුව, නාරම්පනාව, මිද්දෙණිය, රත්මලාන හා පාණදුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

සැකකාරියන් අද (19) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.

(Aruna)