Saturday, July 05, 2025
Follow Us
අද කාලගුණයේ සිදුවන වෙනස

කාලගුණ විද්‍යා දෙපාර්තනේතුවෙන් නිවේදනයක්


ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (19) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තනේතුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

(Aruna)