ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මෙරට තුළ පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී පමණ දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමට හේතු වනු ඇති බවයි.
කොවිඩ් වෛරසයේ ප්‍රභේද පරීක්ෂාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පමණක් ක්‍රියාත්මක වන බැවින් දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාල තුළද එම පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව සලසන ලෙසයි මෙහිදී රජයෙන් ඉල්ලීමක් කෙරුණේ.
ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 672 ක් වාර්තා වුණා. ඒ අතර විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුද වනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 13 ක්.
(Neth)