Saturday, July 05, 2025
Follow Us
නීලාගේ දේහය ගුවනින් දිවයිනට

විදේශ අමාත්‍යාංශයෙන් ගත් තීරණය


ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්‍යක්‍ෂකවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කරන බවත්, ඇගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරන බවත් එම නිවේදනයෙහි සඳහන්ය.

(Aruna)