Saturday, July 05, 2025
Follow Us
දසුන්ගේ ශතකයට ඉටු නොවූ සාධාරණය

සිම්බාබ්වේ කණ්ඩායම ට තියුණු ජයක්


ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක තියුණු ජයක් හිමිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය ලකුණු 302කි.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක අගනා ඉනිමක් දියත් කළේය.

එක්දින පිටියේ සිය මංගල ශතකය රැස්කළ දසුන් ලකුණු 102ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට පන්දු 94ක් වැයවූ අතර එයට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ද ඇතුලත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත්විය.

චාමික කරුණාරත්න ලකුණු 34ක් රැස්කරගැනීමට සමත්විය.

Blessing Muzarabani සහTendai Chatara සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාගනු ලැබීය.

(Aruna)