Tuesday, February 24, 2026
Follow Us
සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වෙයි

අද විදුලිය කැපෙන ලකුණු


දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පැවසුවේ අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බවයි.
ඒ අනුව මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)