Tuesday, February 24, 2026
Follow Us
අදත් රට අඳුරට

සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට තීරණයක්

අද(18) පස්වරු 5.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීම මීට හේතුව බව සඳහන්.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ අනුව අද සවස පහේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.

මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවටයි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් එළඹී තිබෙනවා.

(Aruna)