මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ඩීසල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. විදුලි උත්පාදනයට, කර්මාන්ත සඳහා සහ රථවාහන සඳහා එම ඩිසල් යොදාගෙන ඇතැයි සඳහන්.
ඒ අනුව දෛනික ඩීසල් පරිභෝජනය පෙරට සාපේක්ෂව මේ වන විට මෙට්ට්‍රික් ටොන් 1,000 කින් පමණ වැඩි වී තිබෙනවා. මීට පෙර මෙටි්‍රක් ටොන් 5,200 ක් වූ දෛනික ඩීසල් පරිභෝජනය මේ වන විට මෙට්ට්‍රික් ටොන් 6,200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.
දෛනික පෙට්‍රල් අවශ්‍යතාව ද මෙට්ට්‍රික් ටොන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 3,300 ක්. එය මේ වන විට මෙට්ට්‍රික් ටොන් 3,900 ත් 4,000 ත් දක්වා වැඩිවී ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
මෙලෙස ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇත්තේ ඉන්ධන ආනයනයට ඩොලර් සොයාගැනීම සම්බන්ධයෙන් ද ගැටලුවක් මතුව ඇති පසුබිමකයි. මෙරටට ඉන්ධන ආනයනය සඳහා මාසිව අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350 කට අධික වනවා.
(Neth)