Friday, July 04, 2025
Follow Us
කොළඹ වරාය නගරය ජනතාවගෙන් පිරෙයි

මැරීනා කලාපයට පැමිණ තිබුණු අයුරු


ඉකුත් ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය, ඊට පසු දින සිටම නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි විය.

ඒ අනුව අද දිනයේත් උදෑසන 9ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව විවෘතවීමටත් පෙර සිට ජනතාව පෝලිම්වල රැඳී සිටියහ.

ගෙවුණු දින 7 තුළදී පමණක් කොළඹ වරාය නගර පරිශ්‍රයට විසි දහසකට වැඩි පිරිසක් පැමිණ තිබූ බව වාර්තා විය.

දීර්ඝ සති අන්තයක් වූ මේ දින කිහිපයේ පස්වරු කාලයේදී විශාල පිරිසක් මැරීනා කලාපයට පැමිණ තිබුණු අයුරු දක්නට ලැබුණි.

ඒ අනුව සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී කොළඹ වරාය නගරයේ මැරීනා කලාපයට ඇතුළු වී එම පරිශ්‍රයේ සංචාරය කිරීමට ජනතාවට අවස්ථාව හිම්වෙයි.

මේ අතර කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වීම ප්සඳහා විශාල පිරිසක් ඊයේ පස්වරුවේ එහි පැමිණ තිබීම නිසා එහි දිගු පෝලිම් දක්නට ලැබුණි.

(Aruna)