Tuesday, February 24, 2026
Follow Us
තෙෂාර යළිත් සිය පුටුවට

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් චෝදනා

සිය ඉල්ලීම් හේතුවෙන් තෙෂාර ජයසිංහ මහතා යළි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ සභාපති නලීන් සමන්ත මහතා පවසනවා.

යම් යම් ක්‍රියාමාර්ග ගැනිමේදී රාජ්‍ය නිළධාරින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම නිසා ගැටලු මතුවී ඇති බවයි ඔහු කියා සිටියේ.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති බවට පළවූ වාර්තා පිළිබඳ වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් භාරගත යුතු බව නලීන් සමන්ත මහතා පැවසීය.

(Aruna)