දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
එසේ සිදුකළ හොත් සිය සංගමය පමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් සංගම් පැමිණ එම අක්‍රමිකතා හෙළි කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
සිය සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ හදිසි වර්ජනයක නිරත වුණා.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ එම සංගමයේ උප සභාපතිවරයා නැවත සේවයේ පිහිටුවීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කළා. දුම්රිය වර්ජනය ක්‍රියාත්මකවීමත් සමග ධාවනය වූ දුම්රියද අතරමග නතර කිරීමට සිදුවීමෙන් මගීන් ඊයේ දිනයේ පත්වූයේ දැඩි දුෂ්කරතාවයකටයි.
(Neth)