පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට දින දහසක් සම්පූර්ණ වනවා.
එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම සහ රටේ සියළු ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයක් තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී අද පෙරවරුවේ සිදුකෙරෙන බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.
අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන එම වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.
2019 අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
(Neth)