Friday, July 04, 2025
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

දුම්රිය කාලසටහන යථාවත් නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණොත් ඉදිරියේදී නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

දුම්රිය ස්ථානාධිපතිවරුනගේ වර්ජනය හේතුවෙන් ඊයේ දුම්රිය ගමන්වාර 200 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අද දින රජයේ නිවාඩු දිනයක් බැවින් සියලුම දුම්රිය ධාවනය නොවන බව නෙත් නිවුස් අද උදෑසන සිදුකළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව සාමාන්‍යයෙන් ඉරිදා දිනවල ධාවනය වන දුම්රිය ප්‍රමාණය අද දිනයේ ද ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)