Friday, July 04, 2025
Follow Us
පාස්කු ප්‍රහාරයට දින 1000 ක් සපිරෙන දා සියලු දේවස්ථානවල විශේෂ වැඩසටහන්

පාස්කු ප්‍රහාරය එල්ල වී දින 1000 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිවයිනේ සියලු දේවස්ථානවලදී, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සමරා විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා.

කොළඹ අගරදගුරු නිළ නිවෙස විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ලබන 14 වැනිදා සියලු දේවස්ථානවලදී මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා ඇතුළු කතෝලික ආගමික නායකයන්, ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් දිගින් දිගටම සාධාරණය ඉල්ලා සටන් කරන නමුත් තවමත් ඔවුන්ට සාධාරණය ඉටු වී නොමැත.

කාදිනල්වරයා පසුගියදා අන්තර්ජාලය හරහා පැවති සාකච්ඡාවකට සහභාගිවෙමින් සඳහන් කළේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වාසි ලබා ගැනීම සඳහා ඇතැම් පුද්ගලයන් ප්‍රහාරය එල්ල වන බව දැන දැනම ප්‍රහාරය එල්ල වනතුරු බලා සිටියේද යන සැකය මතුවන බවයි.

(LNW)