Friday, July 04, 2025
Follow Us
ඩොලර් ප්‍රශ්ණයෙන් ඖෂධ ගේන්නත් බලපෑම් වන ලකුණු

2022 වර්ෂයට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව ඇති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණගෙන් මාධ්‍යවේදින් විමසීමක් කළා.

2022 වර්ෂයට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවම වශයෙන් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් අවශ්‍ය වන බවටයි වාර්තා වන්නේ.

(Neth)