Wednesday, October 23, 2024
Follow Us
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යාපනයට !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච පෙරළිකාරම ණය යෝජනා ක්‍රමය කියලා ඔබ දැනටමත් දන්නවා.

වෙනදා ඔබෙන් අයකරගන්න පොළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවන්නේ ආණ්ඩුවෙන්. ආණ්ඩුවෙන් පොළී ගෙවන ප්‍රථම සහ එකම ණය යෝජනා ක්‍රමය වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගෙනාවේ, ලංකාවේ බිහිවෙන ව්‍යවසායකයන් දිරිමත් කරන්න. ඇත්ත වශයෙන්ම නිකම්ම නිකම් දිරිමත් කිරීමකට එහා ගිහින් ව්‍යවසායකයන් එක්ක අනාගතය වෙත අතින් අල්ලාගෙන ඉස්සරහට යන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අපේක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව මත සංවර්ධනය ගොඩනගන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු වෙනවා.

ඒ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන, මේ පෙරළිකාර ආණ්ඩුවෙන් පොළී ගෙවන ණය ක්‍රමය තව දුරටත් ප්‍රවර්ධනය කරන්න; ඒ මත පදනම් වෙලා මුළු මහත් ශ්‍රී ලංකාව පුරා ව්‍යවසායකයන් ලක්ෂයක් නිර්මාණය කරන අරමුණ සහිතව තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නිර්මාණය කළේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පටන් ගත්තේ මොණරාගලින්. ශ්‍රී ලංකාවේ දරිද්‍රම දිස්ත්‍රික්කවලින් එකක් වෙච්ච මොණරාගලට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායක සිහිනය ගෙනිච්චා. ඒක නිකම්ම නිකම් සිහිනයක් නොවී, සිහින සැබෑ කරගන්න මාවතක් බවට පත් කළා. ඒ අනුව, මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රාශියක් ව්‍යවසායකයන් බවට පත්කරන්නට අපට පුළුවන් වුණා. (තොරතුරු ඉදිරිපත් කරන්න.)

ඊට පස්සේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ගෙනාවේ අනුරාධපුරයට. මොනරාගලදී වගේම අනුරාධපුරයෙදීත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ජනතා ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රාශියක් ව්‍යවසායකයන් බවට පත්කරන්නටත් අපට හැකියාව ලැබුණා. (තොරතුරු ඉදිරිපත් කරන්න.) ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි පියවර.

දැන් අපි ළඟා වෙලා තියෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තුන්වැනි අදියරට. මේ තුන්වැනි අදියර පවත්වන්නේ, යාපනයේ. දිගුකාලයක් යුද්ධයෙන් පීඩා වින්ද උතුරුකරයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එන්නේ අලුත් බලාපොරොත්තුවක් අරගෙන. තිස් අවුරුදු යුද්ධයේ අවි ගැටුම් අවසන් වුනාට මිනිස්සුන්ගේ සිහිනවලට පණ දෙන විධිමත් වැඩසටහනක් නිර්මාණය වුනේ නැහැ. එවකට පාලකයන්ට ඒකට උවමනාවක් තිබ්බෙත් නැහැ. එයාලට ඕන වුණේ උතුරේ යුද ජයග්‍රහණය දකුණේ විකුණගෙන කන්න විතරයි. ඒ වෙනුවට, උතුරේ ජනතාවගේ සිහින සැබෑ කරන්න මහපොළොවට එන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූදානම්. දශක ගණනක් ලේ හැලිච්ච භූමියක ව්‍යවසායකත්වයේ අලුත් මල්පැල සිටුවන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සූදානම්. ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් උතුරේ කාන්තාවන් මුදාගත්තා වගේම, ඔවුන්ට කිසිම අසාධාරණයක් නොවන, ආණ්ඩුවෙන් පොළී ගෙවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් ඔවුන් නගා සිටුවන්න සියලු කටයුතු සූදානම්. එක මොහොතකටවත් නතර නොකර, අඛණ්ඩව දියත් කළ සංවර්ධන වැඩ පිළිවෙලට සමාන්තරව, ඉන්දියාව සමග සෘජු ගමන් අරඹන පලාලි ගුවන් තොටුපොල ඉදිකිරීම ඇතුළු දැවැන්ත සංවර්ධන සංග්‍රාමයට සමාන්තරව, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 07, 08, 09 සහ 10 යන දිනවල යාපනයේ පවත්වන්නට සියලු කටයුතු සූදානම්.

බුද්ධිය අභිමානය හා නව්‍යකරණය යන තේමාව යටතේ තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය යාපනයේ පැවැත්වෙන්නේ.

(News Tube)