Friday, July 04, 2025
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයකට සැරසේ

ඉදිරියේදී යළි දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නිසි පරිදි දුම්රිය ධාවනය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. අද දිනයේද තැපැල් සහ දුර ගමන් දුම්රියවාර කිහිපයක් හදිසියේ අවලංගු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මීට පෙරද දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය දින 05 ක් පුරා පැවතුණා. ඉන් මඟීන් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි. එම වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ පාඩුව රුපියල් මිලියන 25 කට අධිකයි.

(Neth)