Friday, July 04, 2025
Follow Us
සිසුන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක්

PHI සංගමයෙන් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්


පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමග සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ළමුන් සමාජයට නිරාවරණය වීමත් සමග කොවිඩ් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය

දෙමාපියන්ට තමන්ගේ දරුවන් ආසාදිතයෙක් බවට රෝග ලක්ෂණ පෙන්නුවොහොත්, යම් අවධානමකට ලක්වුණොත්, නිවසේ අයෙක් යම් අවධානමකට ලක්වෙලා තිබේ නම් දරුවා පාසල් නොයවා සිටින ලෙස දෙමව්පියන්ට ඔහු පවසා සිටියි.

පාසල තුළ දී යම් රෝග ලක්ෂණයක් පහළ වුණොත් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආචාර්ය මණ්ඩලය හා අනෙකුත් කාර්ය මණ්ලය දැනුවත් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)