ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසරේ සිටින ගුරු සිසුන්ගේ පාඨාමාලා කාලය විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ ඉල්ලීමකට අනුව මාස තුනකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම සිසුන් මෙම මාසයේ දී සීමාවාසික පුහුණුව සඳහා පාසල්වලට යොමු කිරීමට නියමිතව තිබුණද, කථිකාචාර්යවරුන්ගේ ඉල්ලීම අනුව ඔවුන් එම පුහුණුව සඳහා යොමු කෙරෙන්නේ මාර්තු මාසයේ දී ය.
මෙම ගුරු සිසුන් අතරින් විද්‍යාපීඨයේ ලියාපදිංචි වූ දින සිට එක් දිනක් හෝ විද්‍යාපීඨයට නොපැමිණි සිසුන් හැට හත් දෙනකු සිටින බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මිරිහාන පැවසීය. සෙසු සිසුන් ද විද්‍යාපීඨවල රැඳී සිටියේ දින කිහිපයක් පමණක් බවත් ඉන්පසු විද්‍යාපීඨ සියල්ල කොරෝනා ප්‍රතිකාර සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවත් ඒ මහතා කීවේය.
සිසුන් නිවෙස්වල රැඳී සිටිය දී ඔන්ලයින් ක්‍රමයට පාඨාමාලාව පවත්වාගෙන ගිය නමුත්, සිසුන්ගෙන් සියයට හතළිහක් පමණ ඊට සම්බන්ධ නොවූ බවත් එවන් තත්ත්වයක දී පාඨමාලාව සාර්ථකව අවසන් කළ බව කිව නොහැකි බවත් ඔහු පැවසීය. එබැවින් තවත් මාස තුනක කාලයක් එම සිසුන් රඳවා ගැනීම යෝග්‍ය බවට අමාත්‍යාංශයට දැන්වූ බව හෙතෙම ප්‍රකාශ කළේය.
(Aruna)