ගෑස් පෝළිම්වල සිටීම ආදායම් මාර්ගයක් කරගත් පුද්ගලයින් පිරිසක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නුවරඑළිය, හැටන් ආදී ප්‍රදේශවල කුලී රැකියාවල නිරත වන පුද්ගලයින් පිරිසක් මෙලෙස මුදලට ගෑස් පෝළිම්වල සිටීම සිදුකරන බවයි.
වත්තල, ජා ඇළ ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස පැමිණි පුද්ගලයින් අළුයම සිට වෙනත් පුද්ගලයින් වෙනුවෙන් පෝළිම්වල රැඳී සිටීම සිදුකර තිබෙනවා.
එක් ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් පෝළිමේ රැඳී සිටීමට ඔවුන් අවම වශයෙන් රුපියල් 500 ක මුදලක් ලබාගන්නා බවයි වාර්තා වන්නේ. ඇතැම් පිරිස් පවුලේ සාමාජිකයින් සමග පැමිණ එලෙස මුදලට ගෑස් පෝළිම්වල රැඳී සිටිමින් මුදල් අයකර ගන්නා බව ද වාර්තා වනවා.
කෙසේවෙතත් දැනට පවතින ගෑස් හිගය තවත් දින කිහිපයකින් පමණ අවසන් වනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මේවනවිට වෙළඳපලට නිකුත් කරන දෛනික ගෑස් සිලින්ඩර ප්‍රමාණය ද ලිට්‍රෝ සමාගම විසින් ඉහළ දමා තිබෙනවා.
මෙටි්‍රක් ටොන් 3600 බැගින් ගෑස් රැගත් නෞකා දිනයක් ඇර දිනයක් දිවයිනට ලගාවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)