Wednesday, October 23, 2024
Follow Us
පාසල් 12ක් සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබේ

මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල පිළිතුරුපත් ඇගයීමට සම්පූර්ණයෙන් යොදා ගන්නා පාසල් 12ක් සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබේ.

එම පාසල් හැර අනෙකුත් සියලූ රජයේ සහ රජයේ අනුමත පාසල් තෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා ලබන මස 2 වනදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පාසල් වන්නේ බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය,බදුල්ල ඌව මහා විද්‍යාලය, කළුතර ඥානෝදය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා, මහනුවර – කිංග්ස්වුඞ්, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, සහ ගාල්ල විද්‍යාලෝක, බදුල්ල ඌව මහා විද්‍යාලයයි.

(Aruna)