Saturday, July 05, 2025
Follow Us
පාන් ගණන් උස්සයි

පාන් ගැන ඇහෙන අසුබම ආරංචියක්

පාන් ගෙඩියක් බෙහෙතකටවත් ගන්න නැතිවෙයි
ඉදිරියේදී විශාල පාන් හිඟයක් ඇතිවිමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ ඊයේ දිනයේදී පිටි සමාගම් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

බේකරි හිමියන් මේ වන විට කබලෙන් ලිපට වැටී ඇති බවත්, පිටි මිටියක් සොයාගත නොහැකි තත්ත්වයකට රට පත්ව ඇති බව ඔහු පැවසීය.

මේ වන විට මෙරට තුළ බේකරි රාශියක් වසා දමා ඇති බවට ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

“අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.
මොකද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා. රජයට කියනවා ඉතාමත් ඉක්මනින් මෙ පිළිබඳව මැදිහත් වෙලා සැලකිලිමත් වෙන්න. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම පාන් පෝලීමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් මිලදි ගන්න බැරි තත්ත්වයට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිදුවෙයි.”

(aruna)