Wednesday, April 01, 2026
Follow Us
විදෙස්ගතව සිට එන ලාංකිකයන්ට එන්නත්කරණ මධ්‍යස්ථානයක්

එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ලබාගත හැකියි

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින ස්ථාපිත කළා.

පැය විසි හතර පුරා සතියේ දින හත තුළම ක්‍රියාත්මක මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්වය අනුව අදාළ කොරෝනා එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතයි.

එහිදී එන්නත්කරණය නොලැබූවන්ට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාව ලැබූ අයට දෙවන මාත්‍රාවත් ලබාදීමට නියමිතයි.

එමෙන්ම මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාවද එහිදී ලබාදීමට නියමිතයි.

(Aruna)