Saturday, July 05, 2025
Follow Us
නුවරඑළියේ චොක්ලට් වැටලීමක්

චොක්ලට්වලින් අයුතු ප්‍රයෝජන ගත් පුද්ගලයෙක්

චොකලට් කියන්නේ ලොකු කුඩා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ආහාරයක්.

එසේ වුවද රස ආහාරයක් වූ චොකලට් මිලදී ගැනීමේදී බොහෝදෙනෙකු එහි මිල පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

ඉන් අයුතු ලෙස ප්‍රයෝජනගත් කූඨ වෙළෙන්දෙකු පිළිබඳව නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

සැකකරු විසින් අදාළ චොකලට් වල ලේබලයේ මුද්‍රණය කර තිබූ මිල ගණන් ව්‍යාජ ලෙස ඉහළ දමා චොකලට් අලෙවි කර තිබූ අතර නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසි කිරීමකදී මෙම චොකලට් අලෙවිය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් එලෙස ව්‍යාජ මිල ගණන් යොදා විකිණීමට සූදානම් කර තිබූ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති චොකලට් වර්ග තොගයක් මුද්‍රා තබා පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන ගෙන ඇති අතර සැකකාර වෙළෙන්දාට එළඹෙන 13 වනදා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට දැනුම්දී බැඳුම්කරයක් මත නිදහස් කළ බවයි වාර්තා වන්නේ.

(Aruna)