එළවළු තොග මිල ගණන් මේවනවිට යම් මට්ටමකට පහත වැටී තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග වැඩිවීම සහ මිලදී ගැනීමට වෙළඳුන් සහ පාරිභෝගිකයින් නොමැතිවීම හේතුවෙන් එලෙස එළවළු මිල පහත වැටී ඇති බවයි තොග වෙළඳුන් පවසන්නේ.
මේ, දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස.
පෑලියගොඩ මැනිං වෙළඳපලේ ද සෑම එළවළු වර්ගයකම මිල අඩු වී ඇති බවයි මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති එච් එම් උපසේන පැවසුවේ.
කෙසේවෙතත් නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිලෙහි කිසිඳු අඩුවීමක් සිදුව නැහැ.
මැනිං වෙළඳපලේ සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත බැස ඇත්තේ එළවළු සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසා බවයි සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.
(Neth)